FAST NEWS

24×7 Around the Globe

උමා ඔයෙන් පීඩාවට පත් ජනතාව සටනට බසිති.

උමා ඔය ව්‍යාපාරයෙන් පීඩාවට පත් වූ ජනතාව අද (9) වැලිමඩ පුහුල්පොල උමා ඔය ඉදි කරන ස්ථානය ඉදිරිපිට විරෝධතාවකයක නිරත වී සිටී.

ඒ, උමා ඔය ව්‍යාපාරය නිසා අහිමි වූ සිය නිවෙස් හා වගා බිම්වලට තක්සේරුගත වටිනාකම තවම ගෙවා නොමැති බව පවසමිනි.

මේ අය තව දුරටත් ප්‍රකාශ කර සිටියේ අහිමි වූ නිවෙස් වෙනුවට තමන්ට ලබා දුන් නිවාසවලට ඔප්පු නොමැති බවයි. එසේම එම නිවාසවලට අවශ්‍ය අවම යටිතල පහසුකම්වත්වත් නොමැති බවද ඔවුහු කියා සිටියහ.