කියුබ් 35 ට වැඩි වාණිජ නොවන අවශ්‍යතා සදහා ඉදිරිපත් කරන පස් හා වැලි කැනීම් සඳහා කරනු ලබන ඉල්ලීම් වලට අදාල ආයතන වලින් සමන්විත නියෝජිත කමිටුවක් මගින් බලපත්‍ර ලබා දීමටත් වාණිජමය අවශ්‍යතා සදහා බලපත්‍ර ලබා නොදීමටත් උපදෙස් ලබා දී ඇති බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා පවසයි.
පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පරිසර හා ඩෙංගු කමිටු රැස්වීමේ දී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසීය.
පස් හා බොරළු කැනීම සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද නව චක්රලේඛනයට අනුව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් හේතුවෙන් දැනට නිකුත් කර ඇති වාණිජමය පස් හා වැලි කැනීම් බලපත්‍ර තව දුරටත් පවත්වාගෙන යාමට තීරණය වී ඇති බවද ඒ මහතා තවදුරටත් පැවසීය.
මෙම වාණිජමය පස් හා වැලි කැනීම් කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් රැසක් පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට
දැවැන්ත උද්ගෝෂණයක් සිදු කරන ලද අතර දැනට කොළඹ දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කය තුළ වැලි කැනීම් බලපත්‍ර
ලබා නොදීමට ද අනවසර වැලි කැනීම් පිළිබද නීතිමය පියවර ගන්නා ලෙස ද පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය වෙත
උපදෙස් දෙන ලදී.







