FAST NEWS

24×7 Around the Globe

ජාතික ශෝක දිනයේදී සුරාසැල් හා කෝට්ටේ පාසල් වැසේ.

ොජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ ආදාහනාපූජොත්සවය සිදුවන නොවැම්බර් මස 12 වන දින දිවයින පුරා මස් මංශ කඩ හා සුරාසැල් වසා තබන බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එසේම එදින කොළඹ දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාශාලාද වසා තැබෙන බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් (10-11 ශ්‍රේණි හැර) වසාතැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනය කරයි.

10-11 ශ්‍රේණි සඳහා වාර විභාග පැවැත්වෙන බැවින් එම ශ්‍රේණි වෙනුවෙන් පමණක් පාසල්වල විභාග කටයුතු සිදුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.