FAST NEWS

24×7 Around the Globe

පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ බේකරි හිමියන් විසින් අදාළ මිල ඉහළ දැමීම සිදුකර ඇති බවය.

ඒ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

මීට අමතරව බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා පිටි හැර අනෙකුත් පිටි වර්ගවල මිල ද ඉහළ දමා ඇති බව එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.