FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනයට සීමා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මලපවාහන පද්ධතියේ සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (14) සිට ගාලු පාරේ වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස මුහුදු මාර්ගය භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.