FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට රැකියා බලපත්‍ර ලබාදීම බහරේනය තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ.

කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර තිබේ.

කෙසේ වෙතත් අදාළ රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින් බහරේන්හි පුරවැසිභාවය ලබා ඇත්නම් ඔවුන්ට මෙම තහනම බලනොපාන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.