FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය රෙගුලාසි නොපිළිපැදීම හේතුවෙන් තවත් අත්අඩංගුවට ගැනීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් 1,353 ක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 දින සිට සැකකරුවන් 31,395 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.