FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමේ ඉඟියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ, මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවයි.

ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද මේ වන විට ඉහළ ගොස් ඇති බවට පෙන්වා දෙන ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි මිලද ඉදිරියේ දී ඉහළ යනු ඇති බවයි.