අවුන් සාං සූචී ප්‍රමුඛ විපක්ෂය හමුවේ මැතිවරණයේ පරාජය භාරගන්නා බව මියන්මාරයේ පාලක පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, මියන්මාර මැතිවරණයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු පැවැත්වෙන මෙන්ම මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති අවස්ථාවක ය.
අවුන් සාං සූචී ප්‍රමුඛ විපක්ෂය මෙවර මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් හිමි කරගනු ඇතැයි එරට මැතිවරණ නිරීක්ෂකයින් අනාවැකි පළ කර තිබිණ.







