FAST NEWS

24×7 Around the Globe

අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී, සහල්, සීනි, කිරිපිටි, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ඊයේ (11) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳ අමාත්‍යාංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරි පනතේ 10 වගන්තියට අනුව, ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි වී, සහල්, සීනි, කිරිපිටි, බඩඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවත්වාගෙන යන පිරිස තමා සතු සියලු තොග පිළිබඳ නිරවද්‍ය හා සත්‍ය තොරතුරු සපයමින්, සතියක කාලයක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වන මෙන් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයෙන් නියෝග කර ඇත.

ඒ අනුව ලියාපදිංචි වීමට අදාළ අයදුම්පත පාරිභෝගික සේවා අධිකාරියේ වෙබ් අඩවියෙන් ගෙන විද්යුත් තැපෑල මඟින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත දින 7ක් තුළ යොමු කළ යුතු වනවා.