FAST NEWS

24×7 Around the Globe

ප්‍රභල වෛරස් ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්ද යන්න අවසන් වාර්තාව අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට පැතිරෙන ප්‍රබල කොරෝනා වෛරස කාණ්ඩ ගැන සිදුකළ පරීක්ෂණවල වාර්තාව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.   

දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල 96 ක් මෙම පරීක්ෂණ සඳහා යොදාගෙන ඇත.

ලොව විවිධ රටවල ව්‍යාප්තව ඇති දරුණු කොරෝනා වෛරස ප්‍රභේද 05 ක් මෙරට ව්‍යාප්තව තිබී පසුගිය කාලයේ දී සොයා ගනු ලැබුවේද මෙම වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම විසිනුයි.

දිනක් තුළදී වාර්තා කරන ලද වැඩිම සංඛ්‍යාව එනම් මරණ 67 ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එම මරණ අතරින් 19 ක් මැයි 17 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා සිදුව ඇති අතර, ජුනි 01 වැනිදා සිට ජුනි 08 වැනිදා දක්වා සිදුව ඇති කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48 ක්.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී නොමැත.