FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බැංකු කිහිපයක් අද සිට සතියක් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද (07) දිනයේ සිට සතියක කාලයක් සාමාන්‍ය බැංකු සේවා සඳහා වසා තබන බව දැනුම්දෙයි.   

රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් නිවේදනය කරයි.

ඒ අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී සිටින අතර හෙට (08) සහ අනිද්දා (09) දිනයන් හිදී සිය ශාඛාවන් වසා තබන බව හැටන් නැෂනල් බැංකුව සිය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

මේ අතර මෙම බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය සේවා ලබාගැනීමට ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙසයි.