FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ල පස් කන්ද කඩා වැටී අතුරුදන්වූ 04 දෙනාගේම සිරුරු හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | මාවනැල්ල) – මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ 04 දෙනාගේම සිරුරු සොයාගෙන තිබේ.   

ඒ යුධ හමුදා භට පිරිස් විසින් සිදුකල සෝදිසි මෙහෙයුම් අතරතුරදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි දියණියක් 53 හැවිරිදි මවක් සහ 57 හැවිරිදි පියා සහ පුත්‍රයායි.

අධික වර්ෂාවත් සමග ඔවුන් වාසය කල නිවසට පස් කන්දක් කඩා වැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබූ අතර , දියණියගේ සිරුර අද පෙරවරුවේ සොයාගනු ලැබීය.