FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අවධානම් නිවේදන නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික් 06 කට හෙට පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.  

ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට මෙම නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අගය මිලිමීටර් 326.5 ක් ලෙස සටහන් වී ඇත.