FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල නගරාධිපති ස්වයං නිරෝධායනයේ

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) – පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව තම උපන් දිනය සැමරීමේ සිදුවීම හේතුකොටගෙන තමන් සහ බිරිඳ නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සඳහන් කරයි.   

කොරෝනා නිරෝධායන නීති රීති වලට ගරු කරමින් සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව මෙසේ ස්වයං නිරෝධායනයට යොමුවූ බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.

එවැනි සිද්ධියක් ඇතිවීම සම්බන්ධයෙන් මෙන්ම සුළු සිදුවීමක් මාධ්‍ය මඟින් උළුප්පා පෙන්වීම සම්බන්ධයෙන් කණගාටු වන බවද නගරාධිපතිවරයා පවසයි.