FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයන් 8000 ක් නිවෙස්වල නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.   

මීට අමතරව අසාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330 ක් ඉකුත් 31 වැනිදා වන විට රෝහල්ගතව සිටි බව ද එම සංගමය පවසයි.

මෙරට තවත් පුද්ගලයන් 76, 346 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් එන්නත දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 1272 දෙනෙකුටද සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 57, 706 දෙනෙකුටද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 17 , 368 දෙනෙකුටද ලබාදී අවසන්.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා 02 ම ගත් පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 48, 582 දක්වා ඉහළ යනු ඇති.