FAST NEWS

24×7 Around the Globe

පන්දහසේ දීමනාව අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල් සඳහා ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීමේ කටයුතු අද (02) සිට ආරම්භ වෙයි.   

කෙසේවෙතත් විවිධ කාණ්ඩ යටතේ දීමනා කිහිපයක් ලැබෙන පවුල් ඒකක සඳහා එක් දීමනාවක් මත පමණක් රුපියල් 5000 ලැබෙන සේ මෙම සහනාධාරය ලබාදෙන බව රජය සඳහන කරයි.

මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 30 කට ආසන්න මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු ගතකර ඇත.

දැනට රජයේ කුමන හෝ සහනාධාර වැඩසටහනක් යටතේ ප්‍රතිලාභ ලබාගන්නා පවුලකට ඔවුන් දැනට ලබාගන්නා දීමනාව රුපියල් 5,000 ට අඩු නම් අදාළ හිග මුදල මේ යටතේ හිමිවනු ඇති.