නීතිය හා සාමය හා බන්ධනාගාර ප්රතිසංස්කරණඅමාත්යය තිලක් මාරපන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා ඇති බව සඳහන් කළේය.
අද පෙරවරු 10 ට ඒ මහතාගේ නිවසේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියේය.
————————————————–(update)
නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන ධුරයෙන් ඉවත්වෙයි ?
නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා එම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
අද පෙරවරු 10ට ඒ මහතා නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබේ.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මාරපන මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට කැබිනට් ඇමැතිවරු සහ සිවිල් සංවිධාන නායකයෝ විරෝධය පළ කළහ.
‘ඇවන්ගාඩ් අවි ගබඩාව පරීක්ෂා කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට‘ යැයි මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද විශේෂ කැබිනට් රැස්වීමක් ද කැඳවා තිබිණි.







