FAST NEWS

24×7 Around the Globe

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන තිදෙනාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.   

මේ අතර, අදාළ නෞකාවට එය මුදා ගැනීම සඳහා පැමිණි සමාගමේ කිමිදුම්කරුවන් තිදෙනෙකු ගොඩවී නිරීක්ෂණයක නිරත වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ජලය කිඳා බැසීම හේතුවෙන් නෞකාවේ පසුපස කොටසේ සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව ද නාවික හමුදාව කියා සිටියි.