FAST NEWS

24×7 Around the Globe

පෙර පාසල් ගුරුවරියන්ට 2,500 ක මාසික දීමනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙර පාසල් ගුරුවරියන් සදහා රුපියල් 2,500 ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.   

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

ගුරු අභිමානී වැඩසටහන යටතේ මෙම මුදල ගෙවීමට නියමිත අතර පෙර පාසල් ගුරුවරියන් 25000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ ලැබේ.

පෙර පාසල් ගුරුවරියන් සඳහා වන මෙම දීමනාව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට නියමිතය.