FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක පුද්ගලයන්ට පිලිපීනයට ඇතුලුවීම තවදුරටත් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක සිට පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම පිලිපීනය විසින් ලබන 15 වනදා දක්වා දීර්ඝ කර ඇත.   

ඒ අනුව ඉන්දියාව , පකිස්ථානය , ශ්‍රී ලංකාව , බංග්ලාදේශය , නේපාලය , ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට තවදුරටත් පිලිපීනයට ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත.

මෙම තහනම ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතවුවද එය තවත් සති 02 කට දීර්ඝ කරනු ලැබීය.