FAST NEWS

24×7 Around the Globe

නැවේ ගින්නට හේතුව XPress Pearl නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා හෙලිකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට ඇතුළු වීමට උත්සාහ කර තිබේ.

නමුත් එම වරායන් දෙකෙන්ම මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බවයි වාර්තාවේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාර්ට්නොල් ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුවක් බවයි. මේ අතර නෞකාවේ රැගෙන යමින් තිබූ කන්ටේනර් 1486 ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබේ.

හාර්ට්නොල් පවසන්නේ මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි.

කෙසේ වෙතත් අනතුර හඳුනාගත් අවස්ථාවේදීම නෞකාව බටහිර ඉන්දියාවේ හසීරා වරායට ඇතුළුවීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

නමුත් හසීරා වරායෙන් මෙම නෞකාවේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් හිමිවී නොමැති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව කටාර් රාජ්‍යයේ හාමඩ් වරායට මෙම නෞකාව ඇතුළුවීමට උත්සාහ කළත් එම වරායත් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඉන්පසුවයි නෞකාව එහි ඊලඟ ගමනාන්තය වන ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කිරීමට පටන් ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් ඒ වන විටත් නෞකාව තුළ ගින්නක් ඇති වීමේ අවදානමක් මතුව තිබූ බව සමාගමේ කරුණාකර අධ්‍යක්ෂවරයා පිළිගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ නෞකාව කලින් ඇතුළුවීමට උත්සාහ කළ ඉන්දීය හෝ කටාර් රාජ්‍යයේ වරායන් දෙකෙන් එකක් නෞකාවට එම වරායන්ට ඇතුළුවීමට අවසර දුන්නේ නම් මේ විනාශයෙන් බේරීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවයි