FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිඳට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් තම බිරිඳ ඊයේ (මැයි 22) රෝහල්ගත කර ඇති බවත් එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවත් ය.