FAST NEWS

24×7 Around the Globe

අද සිට ඩ්‍රෝන කැමරා යොදවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල්නිවාස සහ වතු නිවාස ආශ්‍රිත පුද්ගලයින් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා අද (23) සිට ඩ්‍රෝන කැමරා යොදා ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, විශේෂ කාර්ය බලකාය හා පොලීසිය එක්ව එම වැඩසටහන දියත් කර ඇති බවය.

එම නිසා කණ්ඩායම් ලෙස එකතු නොවී තමන්ගේ නිවෙස්වලට වී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

ඉදිරි දින කිහිපය තීරණාත්මක බැවින් කොවිඩ් -19 වසංගතය පාලනය කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් සඳහන් කර සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, නිරෝධායන නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පැවසීය.