FAST NEWS

24×7 Around the Globe

නිශ්ශංක ඇතුළු පිරිස ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධි අන්දමින් මෙරටට ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළේය.   

නඩුව පවරා තිබුණේ නිතීවිරෝධී අන්දමින් ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා 19 ක් යටතේයි.