FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) උදෑසන සිට දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලාභාවයෙන් ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පොලිස් බලප්‍රදේශ 18කට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් මෙලෙස හුදකලා බවින් ඉවත් කළ බවය.

මීට අමතරව අද උදෑසන 6 සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා කර ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.