FAST NEWS

24×7 Around the Globe

සම්බන්ධන් සහ දිගම්බරන්ට පාර්ලිමේන්තුව මාස 3 ක නිවාඩු අනුමත කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්ට සහ පලනි දිගම්බරම්ට මාස තුනක කාලයක් සඳහා නිවාඩු ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද අවසර ලබාදුන්නේය.    


ඊයේ සිට මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අදාළ අවසරය  හිමිව ඇති අතර, ඔවුන් දෙදෙනා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නිවාඩු ඉල්ලීම සිදුකර ඇත.