FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය නිළි දමිතා අද ජනපති කොමීසම හමුවට.

ජනප්‍රිය නිළි දමිතා අබේරත්න බරපතල වංචා පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අද (06) කැඳවා ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූයේ යැයි කියන මූල්‍ය දූෂණයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙසේ කැඳවා ඇත.

ඒ සම්බන්ධයෙන් මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී බන්දුල විජේවීර, රංගන ශිල්පිනී රුවන්ති මංගලාගෙන් ද කොමිසම ප්‍රකාශ ලබා ගනු ලැබිය.