FAST NEWS

24×7 Around the Globe

එන්නත නොමැති නම් දුම්රිය සේවකයින් වර්ජනයකට සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය ධාවනයට ඍජුවම සම්බන්ධ වන සේවකයින්ට කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබා නොදෙන්නේ නම්, සඳුදා සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.   

එහි ප්‍රධාන ලේකම් මනුර පීරිස් සඳහන් කළේ රියදුරු, රියදුරු සහයක, නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක, ආරක්ෂක අංශ, ප්‍රවේශ පත්‍ර පරීක්ෂක ඇතුළු කණ්ඩායම් කඩිනමින් එන්නත්කරණයට ලක් කළ යුතු බවයි.

දිවයිනටම සංචරණ සීමා පනවා ඇති බැවින් සඳුදා (17) දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොකෙරෙන අතර යළි සඳුදා සිට දුම්රිය ධාවනය වීමට නියමිතව ඇත.