දැඩි ලෙස රෝගාතුරව ශල්‍යකර්මයකට ද භාජනය කර සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසැබැත් රෝහලට වැඩම කෙරවූ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් මේ වන විට සම්පූර්ණ සුවය ලබමින් සිටින බව උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය උඩුකලකන්දේ අරියරතන හිමියෝ සඳහන් කරති.
සති කීපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යනු ලැබුවේ රජයේ අනුග්රහයෙනි. සිංගප්පූරු රෝහලේදී පරීක්ෂණ කීපයකට භාජනය කර ඇති උන්වහන්සේගේ තත්ත්වය දැන් යහපත් බව අරියරතන හිමි ඊයේ (5 දා) ප්‍රකාශ කළහ.







