FAST NEWS

24×7 Around the Globe

කුවේටයත් ලංකාවට තහංචි දමයි

(ෆාස්ට් නිව්ස් | කුවේටය) – ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ.   

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.