FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ උප ජනාධිපතිවරයාව සිය ධුරයෙන් පහ කරයි.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයක් මඟින් බංග්ලාදේශ උප ජනාධිපති අහමඩ් අදීබ් අබ්දුල් ගෆූර් උප ජනපති ධූරයෙන් මෙයට මඳ වේලාවකට පෙර පහ කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එම දෝෂාභියෝගය ඉදිරිපත් වූ අවස්ථාවේ දී බංග්ලාදේශ උප ජනාධිපති අහමඩ් අදීබ් අබ්දුල් ගෆූර්ට තම නිදහස වෙනුවෙන් කිසිදු කරුණක් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව නුදුන් බව වාර්තා වේ.

මාලදිවයින් ජනපති ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ හා ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට මාලදිවයිනේ උප ජනාධිපති අහමඩ් අදීබ් අබ්දුල් ගෆූර්ඔක්තෝබර් 24 වැනිදා අත්අඩංගුවට ගැනිණි.

ඉකුත් සැප්තැම්බර් 28 වන දා මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමින් සහ ඔහුගේ බිරිඳ ගමන් කළ ඔහුට අයත් බව කියන අධිවේගී යාත්‍රාවේ සිදුවූ   පිපිරීම සම්බන්ධයෙන් මෙලෙස  ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

එවකට විදෙස් වාර්තා පෙන්වා දුන්නේ සිදුවු   පිපුරුමෙන් මාලදිවයින් ජනාධිපතිවරයාට එහිදී  හානියක් සිදුව නොමැති බවයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් පිපිරීම සිදු වූ බවට මුලින් සැක කෙරුණත් ජනාධිපති කාර්යාලය පසුව මාධ්‍ය වෙත නිවේදනය කළේ, එය ඝාතන ප්‍රයත්නයක් බව ය.

එම සිද්ධිය පසුබිම් කර ගනිමින් කළ පරීක්ෂණවලින් පසු මාලදිවයිනේ උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනුණු අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව බී.බී.සී. වාර්තාවක සඳහන් ය.

සිංගප්පූරුවේ සංචාරයකින් අනතුරුව සියරට බලා පැමිණි උප ජනාධිපතිවරයා ඔක්තෝබර් 24 වැනිදා වහාම පොලිස් අත්අඩංගුවට ගත් අතර එරට අපරාධ අධිකරණය ඔහු දින 15කට රිමාන්ඞ් ගත කෙළේ ය.

තමාගේ දැනුවත්භාවයකින් තොරව හිටපු පොලිස් ප‍්‍රධානියා සමඟ උප ජනාධිපතිවරයා සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් මේ මඟින් පොලිස් සේවය සඳහා ඔහු පුද්ගලික මැදිහත් වීම මත විවිධ වරප‍්‍රසාද ලබා දී ඇති බවත් ඒවා තම උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට බලපෑ බරපතල කාරණා යැයි ද මාලදිවයින් ජනාධිපති යමීන් කීවේ ය.

තම උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සහ බෝට්ටුවේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා බරපතල හෙළිදරව්වක් සිදු කරමින් මෙසේ ප්‍රකාශ කළේ ය.

මේ සඳහා බලපෑ හේතුව විග‍්‍රහ කළ ජනාධිපති යමීන් අබ්දුල් ගයූම් පැවැසුවේ තමාගේ දැනුවත්භාවයකින් තොරව හිටපු පොලිස් ප‍්‍රධානියා සමඟ උප ජනාධිපතිවරයා සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි. මේ මඟින් පොලීස් සේවය සඳහා ඔහු පුද්ගලික මැදිහත් වීම මත විවිධ වරප‍්‍රසාද ලබා දී ඇතැයි ද යමීන් කීවේ ය. ඔහුගේ බලපෑම පොලිස් සේවය ඇතුළේ අහිතකර අන්දමින් පැතිරී තිබූ බව ද ජනාධිපති යමීන් වැඩිදුරටත් කීවේ ය.

උප ජනාධිපතිවරයාට හිතවත් පොලීසියක් පැවැතීම ස්වාධීන පොලිස් සේවයක් ඇති කිරීමේ තමාගේ අරමුණට පටහැනි යැයි ද පිපිරීමේ සිද්ධියෙන් අනතුරුව ප‍්‍රථම වරට කතා කළ යමීන් පැහැදිලි කළේ ය.

පොලිසිය මඟින් වටලනු ලැබූ අදීබ්ට අයත් නිවාස සහ කාර්යාල පරිශ‍්‍ර කිහිපයක තිබී පුපුරණ ද්‍රව්‍ය හමුවීම ද බෝට්ටුවේ සිද්ධියට ඔහු සම්බන්ධ බවට සාක්ෂියක් යැයි කතාබහට ලක් වී ඇත.