FAST NEWS

24×7 Around the Globe

පොලිස් විශේෂ කාර්ය බලකායට විශේෂ මෙහෙයුම් ඒකකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට අභ්‍යන්තර ජල තීරයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ මැඩලීමට ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය  “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබේ.  

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුතුව එම බලකාය පිහිටුවා ඇති අතර එම ඒකකය විසින්  ජීවිත ආරක්ෂක ක්‍රියාවලියද සිදු කරනු ලබයි.

විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට ඉදිරියේ දී නව ඒකකයේ සහය ලබා ගැනීමට නියමිත අතර එම ඒකකය මෙරට සියලු ජල තීර කේන්ද්‍ර කරගනිමින් පිහිටුවීමට නියමිතයි.

දියමත විශේෂ මෙහෙයුම් ඒකකය සඳහා බෝට්ටු පුහුණුව ද ලබා දී ඇති අතර, මේ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය හා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ සහයත් ලබා දී තිබේ.