FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පැතිරීමෙන් ලංකාව ආසියාවේ දෙවැනි තැනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –සිකුරාදායින් අවසන් වූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පැතිරීමේ වේගය 82%ක් බව ජාත්‍යන්තර සමීක්ෂණයක් පෙන්වා දෙයි.

නිතිපතා කොරෝනා රෝගය ගැන පරීක්ෂණ කරන සුප්‍රකට Worldometers (වර්ල්ඩෝ මීටර්ස්) වෙබ් අඩවිය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන්ය.

දකුණු ආසියාවේ සෙසු රටවල් ගත්කළ සතියක් තුළ වැඩිම කොරෝනා වර්ධන වේගය පෙන්වන්නේ නේපාලයයි. එහි වර්ධනයේ ප්‍රතිශතය 105%කි.

රෝගීන් බහුලව වාර්තාවන ඉන්දියාවේ දැන් කොරෝනා පැතිරීමේ වේගය (එරට ජනගහනයට සාපේක්ෂව) 11%ක මට්ටමේ පවතී. එය දකුණු ආසියාවේ අඩුම රෝගීන් වර්ධනයයි.

ශ්‍රී ලංකාව ළඟට දකුණු ආසියාවේ වැඩියෙන්ම කොරෝනා පැතිරෙන රට මාලදිවයිනයි. එහ සතියක වර්ධන වේගය 69%කි. එසේම ඉන්දියාවට පසු දකුණු ආසියාවේ අඩුම කොරෝනා වර්ධන වේගය සටහන් කරන්නේ භූතාන රාජ්‍යය විසිනි. එහි සතිපතා රෝගීන් වර්ධන වේගය 16%කි.

ගතවූ සතියක කාලය තුළ ලොව වැඩිම කොරෝනා පැතිරීමේ වර්ධනය පෙන්වා ඇත්තේ පේරු අයිලන්ඩ් දූපත් රාජ්‍යයේය. එහි රෝගීන් වර්ධන වේගය 500%කි.

මෙකී සමීක්ෂණ වාර්තාව අනුව ගතවූ සතියේ ලෝකයේම රෝගීන් වර්ධනය 3%කි. ලොව පුරා මරණ 91,596ක් සිදුව තිබියදී එම සතියේ සුවපත් වූ රෝගීන් ගණන 4,00,382කි. එය සමස්ථත රෝගීන් ගණනින් 8%කි.