FAST NEWS

24×7 Around the Globe

ෆයිසර් එන්නතට අනුමැතිය හිමිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆයිසර් එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය මේ වන විට හිමිව ඇති බව වසංගත රෝග කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.  

ඒ අනුව එම එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියි.