FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුගේගොඩ නාවල පාරේ බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් තිදෙනෙක් මිය ගොස් ඇත.   

ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු හා එම රථයේ කුලී පදනම යටතේ ගමන් ගත් දෙදෙනෙක් එසේ මිය ගොස් ඇති අතර ,රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

එම පුද්ගලයන් දෙදෙනා නුගේගොඩ සහ හපුතලේ පදිංචි කරුවෝ වෙති.