FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් ණයක්.

සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිත කිරීම සඳහා පියවර ගනිමින් එම අරමුදල් දෙක එකට එක්කොට ‘ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල’නමින් නව අරමුදලක් පිහිටුවන බවත් ඒ අනුව ට්‍රිලියන 1.7ක වත්කම් මෙම යටතට පත්වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කලේඅද පාර්ලිමේන්තුවේදී රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ විශේෂ ප්‍රකාශය සිදුකරමිනි.

පසුගිය රජයේ සිදුකළ අයුරින් අරමුදලේ මුදල් එක් එක් දේශපාලනඥයින්ට හෝ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නාස්ති කිරීමට ඉඩ නොදෙන බවත්, එහි පාලන කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරනුයේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව බවත් පෙන්වා දුන් ඔහු මෙම අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මහජන ධන භාරයට පැවරෙන බවත් පෙන්වා දුන්නේය.

එසේම සෑම විශ්වවිද්‍යාලයකටම නොමිලේ වයි ෆයි පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවත් සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාගැනීම සඳහා තුන් අවුරුදු පොලී රහිත ණය සහනාධාර මුදලක් ලබාදෙන බවත්, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කරන බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එමෙන් ම වසර 10 ට වඩා වැඩිකාලයක් බලපත්‍රලාභී ඉඩම්වල ජීවත්වන ජනතාවට සින්නක්කර ඉඩම් ලබාදෙන බවත්, රජයේ කුලී නිවාසවල වසර 10ට වඩා වැඩි කාලයක් වෙසෙන අයට එහි නිවාසවල අයිතිය සින්නකරම ලබාදෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

වතුකරයේ ලැයින් කාමරවල වසර 10 ක් තිස්සේ ජීවත්වන වතුකම්කරු ජනතාවට කුඩා ඉඩමක හා නිවසක අයිතිය ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අදාළ නීති රීති ළඟදීම පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.