FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර බැංකුවක් අසල වෙඩි හුවමාරුවක්

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුර) – අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවකට අයත් මුදල් කොල්ල පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.   

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමකින් පෞද්ගලික ආරක්ෂක නිලධාරීයෙකුට තුවාල සිදුව ඇති බවයි.

ආරක්ෂක නිළධාරියෙක් මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

කොල්ලකරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.