FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය හර්ෂ ද සිල්වා රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සාමාජිකයෙකු ලෙස සේවය කිරීම සදහා තේරීම් කාරක සභාව විසින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කර තිබේ.   

මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස නම් කර ඇත.