FAST NEWS

24×7 Around the Globe

ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට (PHOTOS)

(ෆාස්ට් නිව්ස් | කිළිනොච්චිය) – රුපියල් අට ලක්ෂ දස දහසක ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු කිළිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

සැකකරු වයස අවුරුදු 43 ක තිදරු පියෙකු වන අතර මුදල් නෝට්ටු සමග ඔහුව කිළිනොච්චිය පොලීසිය වෙත බාරදීමට කටයුතු කර ඇත.

එම සැකකරුගේ නිවස පොලීසිය විසින් දැඩි ලෙස පරීක්ෂා කොට ඇති අතර ඔහුට මෙම ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු හමු වූ ආකාරය පිළිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.