FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.  

මෙවර උසස් පෙළ විභාගය  සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටියහ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වනදා 2020 උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.