FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.   

මේ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

රාජිත රණසිංහ මහතා පැවසුවේ, දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල තැපැල් කාර්යාල කටයුතු ක්‍රියාත්මක නොවන බවයි.