FAST NEWS

24×7 Around the Globe

ඇමති මහින්දානන්ද ස්වයං නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට යොමු වු බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

තමා ඇතුළු සෙසු පිරිස විසින් සිදුකළ පීසිආර් පරීක්ෂාවේ දී ආසාදිත නොවු බව තහවුරු වු බව ද අමාත්‍යවරයා එහි සටහන් තබා තිබේ.