FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා එහි පිටවීමේ දොරටුව පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇත.   

සාමාන්‍ය රථවාහනවලට පෙරවරු 6.00 සිට එම කොට්ටාව අධිවේගී මාර්ගයෙන් පිටවිය නොහැකි යි.

බස් රථවලට සහ ගිලන් රථවලට පමණක් එයින් පිටවිය හැකිය.

දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකියාව පවතින අතර , කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරේ.