FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් උවදුර සඳහා අවසන් විසඳුම එන්නත්කරණය පමණයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී සිදුකළ මෙන්, මෙම අභියෝගය ද සාර්ථකව ජය ගැනීමට නම් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීතිරීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.   

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, කොවිඩ් -19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙන බවය. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවද එහි දැක්වේ.