FAST NEWS

24×7 Around the Globe

පන්නල ප්‍රදේශයේ නිවසක පිපිරීමක් – පොලිසිය

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) – ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (24) රාත්‍රී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

රතිඤ්ඥා තුළ තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර ඒවා යකඩ බටයකට දමා විදුලි ග්‍රයින්ඩරයකින් බටය කැපීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.

පිපිරීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි සහ 27 හැවිරදි තරුණයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.