FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර සහ වයඹ අවධානම් මට්ටම ඉතා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එක් ආසාදිතයෙකුගෙන් වෛරසය ව්‍යාප්තවිය හැකි සංඛ්‍යාව පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.

අද (24) පෙරවරුවේ තවත් කොරෝනා මරණ 4 ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, නිට්ටඹුව ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ඊයේ මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි.