FAST NEWS

24×7 Around the Globe

සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව GMOA කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.   

වැඩිදුරටත් ඔහු පැවසුවේ කොවිඩ්-19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවය.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.