සිනායි ගුවන් අනතුරේ කළු පෙට්ටිය විශේෂඥයන්ගේ පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කොට ඇතැයි වාර්තා වේ.
ඊජිප්තුව ප්‍රකාශ කරන්නේ තම විශේෂඥයන් රුසියානු සහ අයර්ලන්ත විශේෂඥයන් ගේ සහාය ඇතිව මේ කටයුතු කරගෙන යන බවයි.
ඊජිප්තු සිවිල් ගුවන් සේවා ඇමැති හොසම් කමාල් ප්‍රකාශ කළේ විශේෂඥයන් ක්ෂේත්රයේ පරීක්ෂණ අවසන් කර ඇති බවත් සමස්ත වාර්තාව නිකුත් කිරීමට තරමක කාලයක් ගත විය හැකි බවත් ය.
පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලූම පහසුකම් සහ විශේෂඥයන් තමන් සතුව නොඅඩුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් කීවේ ය.







