FAST NEWS

24×7 Around the Globe

මැතිසබයේ රැස් වන සෑම විනාඩියකටම රුපියල් ලක්ෂයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක මුදලක් වැයවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.   

කතානායක වරයා මෙසේ පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය .

හරීන් ප්‍රනාන්දු ගැන ඇති වූ සංවාදය ට විනාඩි හතලිස් හතක් වැය වූ බවත් එම විනාඩි 47 ට පමණක් මහජන මුදල් රුපියල් ලක්ෂ හතළිස් හතක් නාස්ති වූ බවත් කතානායක වරයා කීය.

මෙහිදී අදහස් දැක්වූ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙපමණ මුදලක් නාස්ති වෙනවා නම් කාලය ගැන සියලු දෙනා අවධානය යොමු කළ යුතු බවත් දැන් අප කළ යුත්තේ විවාදයට යෑම බවත් පැවැසී ය .